තෙවන වරටත් ශ්‍රී ලංකාව ලෝක කුසලාන අවසන් මහා තරගයට

මාර්.30- ලෝක කුසලාන තරග ඉතිහාසයේ තෙවන වරටත් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබී මට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.
ඒ නවසීලන්ත කණ්ඩායම කඩුළු 5කින් පරාජය කරමිනි.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 48 පන්දු 5කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 217කි.

පළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 47 පන්දු 5කදී කඩුලු 5ක් දැවී ජය වාර්තා කළේය.

නවසීලන්තය වෙනුවෙන් ඉණිම ආරම්භ කිරීමට මාටින් ගප්ටල් සහ බ්‍රෙන්ඩන් මැකලම් පිටියට පිවිසියහ.

නවසීලන්තයේ පළමු කඩුල්ල ‍ලෙස මැකලම් ලකුණු 13කට දැවී යන විට නවසීලන්ත කණ්ඩායම ලකුණු 32ක් ලබා සිටියේය.

තරගයේ 19 වැනි පන්දුවාරයේ තෙවන පන්දුවේදී ලකුණු 19ක් රැස් කර සිටි ජෙසි රයිඩර් දැවී ගිය අතර ආරම්භක පිතිකරු මාටින් ගප්ටල් පන්දු 65කදී 4 පහර 3ක් සමග ලකුණූ 39ක් රැස් කළේය.

රොස් ටේලර් විසින් ලකුණු 36ක් රැස් කරනු ලැබිණි.

නවසීලන්ත ඉණිමේ ගැලවුම්කරුවා වු ස්කොට් ස්ටයිරිස් පන්දු 77කට මුහුණ දෙමින් ලකුණු 57ක් රැස් කළේය. ඔහු ඊයේ වාර්තා කරනු ලැබුවේ, සිය 28 වැනි එක්දින අර්ධ ශතකයයි.

අවසන් නවසීලන්ත පිතිකරුවන් සිව්දෙනාම ලකුණු 4තුළ දැවී යාම විශේෂත්වයකි.

අජන්ත මෙන්ඩිස් පන්දුවාර 9 පන්දු 5ක් තුළ ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත්තේය.

ලසිත් මාලිංග ලකුණු 55ක කඩුලු 3ක් දවා ගත්තේය.

මෙරදී සහභාගී වන අවසන් එක්දින තරගය ක්‍රීඩා කළ මුත්තයියා මුරලිදරන් ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත්තේය.

පිළිතරු ඉණිම සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් උපුල් තරංග සහ ටී.එම්. දිල්ශාන් පිටියට පිවිසියහ.

පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 40කට සීමා කරමින් උපුල් තරංග ලකුණු 30ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් විය.

හතරේ පහර 10 සහ එක් 6 පහරක් සමගින් ඩිල්ශාන් තම 22වන එක්දින අර්ධශතකය වාර්තා කරමින්  රැස් කළ ලකුණු සංඛ්‍යාව 73කි.

නායක කුමාර් සංගක්කාර 62වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 54ක් රැස් කළේය.

නායක ඩැනියල් විටෝරිගේ පන්දුවක් හමුවේ එක් ලකුණක් ලබා සිටි මහේල ජයවර්ධන දැවී ගිය අතර චාමර සිල්වාට රැස් කළ හැකි වුයේ ලකුණු 13ක් පමණි.

අබාධ තත්ත්වයක් හමුවේ වුව ද පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉණිමට ජවයක් එක් කරමින් නොදැවී ලකුණු 14ක් රැස් කළේය.

තිලාන් සමරවීර නොදැවී ලකුණු 23ක් රැස් කළේය.

ඒ අනුව ලෝක කුසලාන අවසන් මහා තරගයට අඛන්ඩව  දෙවනි වරටත් සුදුසුකම් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පන්දු යැවීමේදී ටිම් සවුනි ලකුණු 57කට කඩුලු 3ක් බිද හෙළීය.

ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර තරගයේ වීරයා විය.