Wednesday, March 30, 2011

භාණ්ඩාගාරය දෙන මුදලින් පමණක් ගෙවල් සෑදීමට නම් ඇමතිවරුන් අවශ්‍ය නැහැ - විමල්


E-mail
මාර්.28- සය වසරක් තුළ නිවාස දස ලක්ෂයක් සම්පූර්ණ කරන බව නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඔහු එසේ පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහාධිපත්‍ය ගම්මානය වන හරිත පුරවරයේ ඉදිකිරිම් ආරම්භ කළ අවස්ථාවේදීය.

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ හොරණ, වුවුලුගල ප්‍රදේශයේ නිවාස 830ක් ඉදිකිරිමට නියමිතය.

අක්කර 19ක පැතිර ඇති එම ගම්මානයේ නිවසක වටිනාකම රුපියල් නවලක්ෂ අසූපන්දහසක් වන අතර වසරක් තුළ එහි ඉදිකිරීම් අවසන් කිරිමට නියමිතය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ මහා භාණ්ඩාගරයෙන් දෙන සල්ලිවලින් ගෙවල් සෑදීමටනම් අලුතෙන් ඇමතිවරු අවශ්‍ය නොමැති බවය.

මහා භාණ්ඩාග‍රයෙන් මුදල් දෙන්නේ නම් ගෙවල් ඉදිකිරිම අමාරු දෙයක් නොවන බව ඔහු පැවසීය.

මහා භාණ්ඩාගාරය දෙන මුදලට වඩා වැඩි මුදලක් වෙනත් විකල්ප ක්‍රමවලින් උපදවා එම ඉලක්කය සම්පූර්ණ කිරිම මෙහි තිබෙන විශේෂත්වය බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments: