Wednesday, June 8, 2011

හමුදාවේ 33කට විශිෂ්ට සේවා විභූෂණ සම්මාන

ජුනි.08- ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරිහු 33දෙනෙක් ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විශිෂ්ට සේවා විභූෂණ සම්මාන ලැබුහ.

විශිෂ්ට සේවා විභූෂණ සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.

මැති ඇමතිවරු, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නිධාරිහු පිරිසක් සම්මාන ප්‍රදානෝත්සවයට එක්ව සිටියහ.

විසිපස් වසරක අඛණ්ඩ සේවයක් සහ මනා පෞද්ගලික පැවැත්මක් සහිත ත්‍රිවිධ හමුදාවේ හා නිත්‍ය බලසේවාවල උදාර සේවයක් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට මෙම සම්මාන පිරිනැමිණි.

යුධ හමුදාපති ලුතිනන් ‍ජනරාල් ජගත් ජයසුරිය මහතා ඇතුළු යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 12 දෙනෙකුට මෙහිදී සම්මාන පිරිනැමිණ.

රියර් අද්මිරාල් එන්.ඊ.එල්.ඩබ්ලිව්. ජයසේකර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් 13 දෙනෙකුට නාවික හමුදාව වෙනුවෙන් සම්මාන පිරිනැමිණ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 8 දෙනෙකුට ද විශිෂ්ට සේවා විභූෂණ සම්මාන පිරිනැමිණ.

No comments: