Sunday, June 5, 2011

විශ්‍රාම වැටුපක් නිසා දිවි පිදු රොෂේන් දැයෙන් සමුගනී

ජුනි.04- කටුනායක නිදහස් වෙළද කලාපයේ ඇති වු ගැටුමෙන් මිය ගිය රොෂේන් චානක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරිණි.
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය අනුව ගල්ලොලුව රෝමානු කතෝලික දේවස්ථානයේ පිහිටි සුසාන භූමියේ දේහය මිහිදන් කරනු ලැබිණ.

රොෂේන් චානක මහතාගේ දේහය අද පෙවරුව වන තුරු මිනුවන්ගොඩ ගල්ලොලුවේ පිහිටි නිවසේ තැන්පත් කර තිබුණි.

විශාල පිරිසක් එහි පැමිණ ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වුහ.

ඒ අතර අද දිනයේද රොෂේන්ගේ දේහය තැන්පත් කර තිබු නිවස හා ඒ අවට ප්‍රදේශයට දැඩි හමුදා ආරක්ෂාවක් යොදවා තිබුණි.

අවසන් කටයුතු සඳහා රොෂේන්ගේ දේහය මීසම භාර පියතුමා නියමකරන වේලාවක දේහය නිවසින් පිටතට ගතයුතු බව මිනුවන්ගොඩ මහේසත්‍රාත් කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති මහත්මිය පසුගිය බ්‍රහ්ස්පතින්දා නියෝග කළාය.

ඒ අනුව අද  පෙරවරු 9.30ට පමණ නිවසට පැමිණි යටියන මීසම භාර ක්‍රිස්ටෝපර් මදුරාවල පියතුමන් දේහය ගල්ලොලුව රොමානු කතෝලික දේවස්ථානයට රැගෙන යාමට  පියවර ගත්තේය.

මීට මාස 4කට පමණ පෙර කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවයට ගිය රොෂේන් චානක මිය යන විට 22හැවිරිදි වියේ පසු විය.

රොෂේන් ළමුන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වැන්නා වේ.

ඔහු කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක යන්ත්‍ර ක්‍රියාකරුවකු  ලෙස සේවය කරමින් සිටියේය.

No comments: