Tuesday, June 14, 2011

ගබ්සා මධ්‍යස්ථානයේ හොර දොස්තරට අධ්‍යාපන සුදුසුකම්වත් නැහැ

ජුනි.14- මහනුවර, පේරාදෙණිය මාර්ගයේ පිහිටා තිබූ ගබ්සා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයාට මුලික අධ්‍යාපන සුදුසුකම් හෝ නොතිබූ බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මහනුවර, ත්‍රස්ත වි‍රෝධී ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ඔහු ඉගැනුම ලැබූ බව කියන පාසලෙන් ලබාගත් ‍වාර්තාවෙන් ඒ බව හෙළිවී ඇති බවයි.

ඒ අතර එම ස්ථානයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි, පැවසෙන පිටස්තර පුද්ගලයින් පිරිසකගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබේ.

ඔවුන් එම ස්ථානයෙන් ලබාගත් ප්‍රතිකාර සදහා රුපියල් විසි දහස, තිස් දහස සහ දස දහස, බැගින් මුදල් අය කරගෙන ඇති බවද පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි, පොලීසිය පැවසීය.

 මේ අතර අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් එම ස්ථානයෙන් ප්‍රතිකාර ලබාගෙන අසනීප තත්ත්වයකට පත්වී රෝහල්ගතව සිටි බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ අංශවල අවධානය යොමුවී තිබේ.

No comments: