Wednesday, March 30, 2011

වසරක් 5ක් තුළ දිවයිනේ රෝහල් 95ක් වැසේ

මාර්.30- පසුගිය වසර 5ක කාළය තුළ දිවයිනේ රෝහල් 95ක් වැසීගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

අමාත්‍යාංශය සදහන් කළේ, හෙද සහ වෛද්‍ය කාර්ය මණ්ඩල හිඟකමින් එම රෝහල් වැසීගොස්  ඇති බවයි.

එයින් වැඩි රෝහල් සංඛ්‍යාවක් උතුරු නැගෙනහිර පළාත්වල පිහිටා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

ඉදිරි මාස කිහිපය තුළ වැසී ඇති රෝහල් සදහා අවශ්‍ය කාර්ය මණ්ඩලය ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.
 

No comments: