Tuesday, March 29, 2011

ශෝන් ටේට් එක්දින පිටියට සමුදෙයි

මාර්.28- ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ශෝන් ටේට් ජාත්‍යාන්තර එක්දින පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

ටේට්ගේ සමුගැනීමට හේතුව, 20/20 තරගවලට පුර්ණ කාලීනව පන්දුවාර අවධානය යොමු කිරීම බව වාර්තා වේ.

2005 වසරේදී ටෙස්ට් වරම් හිමිකරගත් ටේට් එක්දින තරග 35කට සහභාගී වී ඇති අතර ලකුණු 1,461කට දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 62කි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තම රටට සේවයක් කිරීමේ අරමුණින් එක්දින තරග සදහා සහභාගී වු නමුත් තම රට තරගාවලියෙන් ඉවත් වීමෙන් පසු එක්දින පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බව  ශෝන් ටේට් පැවසීය.

No comments: