Tuesday, April 19, 2011

මාස 9 ක් තුළ ෆූකුෂිමා බලාගාරයේ අහිතකර බලපෑම් නවත්වනවා

මෙහෙයුම් භාර සමාගම

අප්‍රේ.17- ෆුකුෂිමා බලාගාරයේ සිදුවෙමින් පවතින අහිතකර බලපෑම් ඉදිරි මාස 9 තුළ නතර කළ හැකි බව එම බලාගාරයේ මෙහෙයුම් භාර සමාගම පැවසීය.
ඔවුන් ඒ බව අද නිල වශයෙන් නිවේදනය කළේය.

න්‍යෂ්ටික බලාගාරයේ මෙහෙයුම් භාර සමාගම පවසන්නේ එහි ප්‍රතික්‍රියාකාරක සිසිල් කිරිම සිදුකෙරන බවය.

ඉදිරි මාස 3 තුළ එම ප්‍රතික්‍රියාකාරක ස්ථාවර කිරිම එයින් අනතුරුව සිදු කෙරේ.

අනතුරුව ඉදිරි මාස 6 ත් 9ත් අතර කාලයේදි ප්‍රතික්‍රියාකාරක සම්පූර්ණයෙන්ම ඝන කිරිම තුළින් සිදුවිය හැකි අනතුරු වළක්වාගත හැකි බව සමාගමේ අදහස වේ.

මෙම ක්‍රියාමාර්ගවලින්පසු ප්‍රතික්‍රියාකාරක සහිත ගොඩනැගිලි සම්පූර්ණයෙන් ආවරණය කිරිමට අපේක්ෂා කෙරේ.

ජපාන බලධාරීන් පවසන්නේ 1986 වසරේදි සිදු වූ චර්නෝබිල් වැනි අනතුරක් යළි සිදුවීම මේ හරහා වළක්වාගත හැකි බවය.

 

No comments: