Sunday, April 10, 2011

මුල් ගීතවලට හානි කිරීම සෙවීමට කමිටුවක්

  මුල් ගීතවලට සිදුකරන අසාධාරණයන් සොයා බලා කටයුතු කිරීමටත්, බුද්ධිමය දේපළ පනත යටතේ ගත හැකි ක්‍රියාමාර්ග  පිළිබද සොයා බැලීමටත් කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී ප්‍රවෘත්ති අමාත්‍යාංශ නිලධාරීන්ට දැන්වීය.

සංගීත ක්ෂේත්‍ර‍යේ ගායන, රචනා සහ සංගීත නිර්මාණ සදහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කර්තෘභාග පිරිනැමීම වෙනුවෙන් අදාළ උත්සවය සංවිධානය කර තිබුණි.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ, පැරණි ගීත අලුත් කිරීම හේතුවෙන් මුල් ගීතය පිළිබද අවධානය අනාගත පරපුර වෙතින් ගිලිහී ගොස් ඇති බවයි.

ඊට අමතරව ජනාධිපතිවරයා විසින් ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත වංචා සහගතව නිපදවා විකිණීමේ පිළිබද අවශ්‍ය පියවර ගන්නා ලෙස ද පොලිස්පතිවරයාට දැනුම් දෙනු ලැබිණි.

අදාළ උත්සව අවස්ථාවට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල , ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ ඇතුළු ගීත ක්ෂේත්‍රය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

No comments: