Sunday, April 10, 2011

පැණි බීම විෂ වී තවත් මරණයක්

අප්‍රේ.10- පැණි බීම වර්ගයක් පානය කිරිමෙන් පසු අවුරුදු 1යි මාස 9ක් වයසැති කුඩා පිරිමි දරුවකු මොණරාගල රෝහලලේදී මියගොස් තිබේ.
මොණරාගල රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සදහන් කළේ එම කුඩා දරුවා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදි ඊයේ මියගිය බවය.


මියගොස් ඇත්තේ වැල්ලවාය, කිරියගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි විහංග දෙනුවන් නැමති දරුවෙකි.


එම පැණි බීම බෝතලය පානය කළ තිදෙනෙකු වැල්ලවාය රෝහලට ඊයේ ඇතුලත් කර තිබේ.


මොණරාගල රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සදහන් කළේ එම කුඩා දරුවා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදි ඊයේ මියගිය බවය.


ඔහු සඳහන් කළේ තම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි අනික් පුද්ගලයා ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව රෝහලින් පිටව ගොස් ඇති බවය.


දරුවාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද මොණරාගල සිරිගල රෝහලේ දි සිදුකෙරිණි.


රෝහල් පොලිසිය සදහන් කළේ මොණරාගල මහේස්ත්‍රාත්වරයා පැමිණ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකර පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරිමට නියෝග කළ බවය.


පශ්චාත් මරණ පරීක්ෂණය හෙට මොණරාගල රෝහලේදි පැවැත්විමට නියමිතය.


මියගිය දරුවාගේ පියා විසින් වැල්ලවාය නගරයේ පිහිටි හෝටලයකින් බිම බෝතල දෙකක් මිලදි ගෙන නිවසට රැගෙන ගොස් තිබෙන බව පොලිසිය සදහන් කළේය.


සිද්ධිය සැලවීමෙන් අනතුරුව වැල්ලවාය පොලිසිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සමග එම පැණි බීම බෝතලය මිලදීගත් වෙළදසැල පරීක්ෂා කළත් එවැනි බීම බෝතල් සොයා ගැනිමට නොහැකි වූ බව පොලිසිය සදහන් කළේය.


වැල්ලවාය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.


මේ අතර මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේදි පොළොන්නරුව සිංහපුර ප්‍රදේශයේ 11 හැවිරිදි දැරියක් පැණි බීම වර්ගයක් පානය කිරීමෙන් පසුව ජිවිතක්ෂයට පත්විය.


එහිදී එම පැණි බීම වර්ගය පානය කළ අදාළ දැරියගේ මව ද අසාධ්‍ය වී පොළොන්නරුව රෝහලට ඇතුලත් කළ අතර  අදාළ පැණි බීම වර්ගය දිවයින පුරා තහනම් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේය .

No comments: