Monday, April 11, 2011

ගැස්ට්‍රයිටීස් පාලනයට නව ඖෂධයක්

අප්‍රේ.11- ආයුර්වේදය ඇසුරින් ගැස්ට්‍රයිටීස් රෝගය පාලනයට නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු සමත්ව සිටී.

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ද්‍රව්‍ය ගුණ පිළිබඳ මහාචාර්ය එච්.එම්.ඒ.තිසේරා මහතා පැවසුවේ, මෙම ඖෂධය - ගැස්ට්‍රීසියා - ලෙස නම් කර ඇති බවයි.

නව ඖෂධය මගින් ගැස්ට්‍රයිටීස් රෝගය 70%කින් පමණ සුවවන බවට පර්යේෂණවලින් සනාථ වූ බව ඔහු සඳහන් කළේය.

මහාචාර්ය එච්.එම්.ඒ.තිසේරා මහතා පැවසුවේ නව ඖෂධය නිෂ්පාදනය සඳහා වැල් මී සහ අළු කෙසෙල් වැඩි වශයෙන් යොදා ගෙන ඇති බවයි.

No comments: