Friday, April 22, 2011

දකුණු මුහුදු තීරයේ ජලයට විකිරණ මිශ්‍ර වී නොමැති බවට තහවුරු වෙයි

අප්‍රේ.22- දකුණු මුහුදු තීරයේ ජලයට විකිරණ මිශ්‍රවීමක් සිදුව ‍නොමැති බව ජාතික පරමාණුක බල ශක්ති අධිකාරිය කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.
එහි සභාපති අචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා සදහන් කළේ දකුණු  මුහුදු තීරයේ ජලයට විකිරණ මිශ්‍රවීමක් සිදුව ඇද්දැයි සෙවීම සදහා ජල සාම්පල පරීක්ෂාවට ලක්කළ බවය.

ඒ සදහා එම මුහුදු කලාපයෙන් ජල සාම්පල් 7 ක් පරීක්ෂාවට ලක්කළ බව ජාතික පරමාණුක බල ශක්ති අධිකාරිය පැවසීය.

අදාළ පර්යේෂණය සදහා දකුණු මුහුදු තීරයේ ප්‍රදේශ කිහිපයකින් ජල සාම්පල් ගෙන පරීක්ෂාවට ලක්කළ බවද අචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පසුගිය අප්‍රේල් 15 වැනිදා නැගෙනහිර සිට දකුණු මුහුදු  තීරය දක්වා විකිරණශීලීතාව පරීක්ෂා කිරීමට මුහුදු ජල සාම්පල් ලබාගැනිම ආරම්භ කළේය .

No comments: