Thursday, April 21, 2011

සිනමා ශාලාවලට එන කාන්තාවන්ට සහන මිලට ප්‍රවේශ පත්

ලබන මස 2වෙනිදා සිට සතියේ දිනවල පස්වරු 6.30 චිත්‍රපට දර්ශනය නැරඹීම සඳහා සිනමා ශාලා වෙත පැමිණෙන කාන්තාවන් සදහා ඕ.ඩී.සී. හා බැල්කනි පන්තියේ ප්‍රවේශපත් ගාස්තුවෙන් භාගයක් පමණක් අය කරන බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පැවසීය.

එහි සභාපති කුමාර් අබේසිංහ මහතා පැවසුවේ, මෙරට ප්‍රේක්ෂකයින් යළි සිනමා ශාලා වෙත ගෙන්වා ගැනීම අරමුණු කර ගත් යළි සිනමාවට යන වැඩසටහන යටතේ එය ක්‍රියාත්මක බවයි.

අදාළ වැඩපිළිවෙළ යටතේ සතියේ දිනවල චිත්‍රපට නැරඹීම සදහා ශිෂ්‍ය හැදුනුම්පත් ඉදිරිපත් කරන සිසුන්ගෙන් ඕ.ඩී.සී. ප්‍රවේශ පත්‍ර මුදලින් භාගයක් අය කරගනු ඇති.

ඊට අමතරව ආනයනික චිත්‍රපට වෙනුවෙන් ද අදාළ සහන හමිවන බව අබේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

No comments: