Tuesday, May 24, 2011

සිසුන් 610දෙ‍නකුගේ සා.පෙළ ප්‍රතිඵල අවලංගුයි

මැයි.24- පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති, අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 610 දෙනකුගේ ප්‍රතිඵල අවලංගු කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා සදහන් කළේ, විවධ චෝදනා මත ප්‍රතිඵල අත්හිටුවු  6,804 දෙනෙකු  පිළිබඳ පරික්ෂණ පවත්වා ඉන් වරදකරුවන් වූ 610 දෙනකුගේ  ප්‍රතිඵල අවලංගු කර ඇති බවයි.

ප්‍රතිඵල අත්හිටවු සිසුන්ට එල්ල වී තිබු චෝදනා නිවරදි නොවන බවට තහවුරු කිරිමට එම සිසුන්ට නොහැකි වූ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

විභාග ශාලාවේ නොමනා ලෙස හැසිරිම, කාර්ය මණ්ඩලයට අවනත නොවි කටයුතු කිරිම සහ විභාග වංචා යන චෝදනා අදාළ සිසුන්ට එල්ල වි තිබුණි.

No comments: