Saturday, May 21, 2011

අපිරිසිදු දන්සැල් 612ක් සොයා ගනී

මැයි.21- අනුභවයට නුසුදුසු ආහාරපාන සැකසූ දන්සැල් 612 ක් සොයා ගැනීමට හැකිවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
අපිරිසිදු දන්සැල් 612ක් සොයා ගනීඑහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ පසුගිය දින කිහිපය තුළ දන්සැල් ආශ්‍රිතව කළ පරීක්ෂා කිරීම්වලදී ඒ පිළිබද අනාවරණ වූ බවය.

ඉදිරියේදී දන්සැල් සංවිධානයට පෙර ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරින්ගෙන් උපදෙස් ලබාගන්නා ලෙස‍ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

No comments: