Monday, May 23, 2011

දෙවන පුහුණු තර‍ගයේ ජයත් ශ්‍රී ලංකාවට

මැයි.22- යොවුන් වේග පන්දුයවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ දක්ෂ පන්දු යැවීම නිසා එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 38ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.
දෙවන පුහුණු තර‍ගයේ ජයත් ශ්‍රී ලංකාවටඒ අනුව එංගලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට පෙර පැවති පුහුණු තරග දෙකෙන්ම ශ්‍රී ලංකාව ජය හිමිවිය.
එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමු ඉණිමට කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු 493ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 266ක්

රැස් කළේය.

අද තරගය ආරම්භ කරනවිට සිය දෙවැනි ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 392ක් ලබා සිටියේය.

පන්දුවාර 104යි පන්දු 4ක් අවසානයේදි ශ්‍රී ලංකාව දෙවැනි ඉණිමට සියලුදෙනා දැවී ලකුණු 448ක් රැස් කළේය.

නායක ටී.එම්.ඩිල්ෂාන් සහ තරංග පරණවිතාන පළමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 200කි.

ඩිල්ෂාන් ලකුණු 117ක් රැස් කළේය.

තරංග පරණවිතාන රැස් කළ ලකුණු සංඛ්‍යාව 125කි.

තිලාන් සමරවීර ලකුණු 74ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදි ජේඩ් ඩර්න්බැට් පන්දුවාර 24යි පන්දු 4කදී ලකුණු 94කට කඩුලු 4ක් දවා ගත්තේය.

ස්ටීවන් ෆින් ලකුණු 90ට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරිමට පිටියට පිවිසි එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ පළමු කඩුලු 8 ලකුණු 170ක් තුළ බිඳ වැටීම විශේෂත්වයකි.
පන්දු යැවීමේදි දිල්හාර ප්‍රනාන්දු පන්දුවාර 11කදී ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත්තේය.

නුවන් ප්‍රදීප් රොෂාන් පන්දුවාර 10කදී ලකුණු 29කට දවාගත් කඩුලු සංඛ‍්‍යාව 4කි.

No comments: