Wednesday, May 25, 2011

ත්‍රස්ත ප්‍රහාර හමුවේ නිවටව හැඬු මේජර් ජෙනරල්වරයකු අණදීමෙන් ඉවත් කළා- ෆොන්සේකා

මැයි.24- යුද ජයග්‍රහණ ලබද්දී එය සැමරීමට කැපු කේක් ගෙඩි කුඩා වෙමින් ගියාක් මෙන් රණවිරුවන් මවුබිම වෙනුවෙන් කළ උදාර මෙහෙය ද වත්මන් ආණ්ඩුවට කුඩා වුයේය යැයි, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද කොළඹ මහාධිකරණයේ දී පැවසීය.

මහාධිකරණ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සුදු කොඩි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී හෙතම එම අදහස් පළ කළේය.

මෙහිදී හිටපු හමුදාපතිවරයා අද තෙවන දිනටත් විත්තියේ ප්‍රකාශය කරමින් පැවසුවේ, යුද්ධයේ දී අසාර්ථක වී ත්‍රස්ත ප්‍රහාර හමුවේ නිවට අන්දමින් හමුදාවෙන් ඉවත් වී යාමට හැඬු මේජර් ‍ජෙනරල්වරයකු සේනාංක අණදීමෙන් තමන් විසින් ඉවත් කරනු ලැබු බවයි.

පසුගිය වර්ෂයේ ජනවාරි මාසයේ තමාව අත්අඩංගුවට ගැනීමට යොදා ගැණුනේ ද එම නිලධාරීයා බව ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

No comments: