Wednesday, May 25, 2011

තියණු තරගයකින් පසු චෙන්නයි සුපර් කිංග්ස් අවසන් සටනට

මැයි.25- ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින් ඔවුන් එම ජයග්‍රහණය අත්කර ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසාන‍යේ කඩුලු 4ක් දැවී ලකුණු  175ක් රැස් කළේය.

ඉතා තියුණු අවසානයක් ප්‍රදර්ශනය වු එම තරගයේදී  චෙන්නයි කණ්ඩායම 19වන පන්දුවාරයේ 4වන පන්දුවේදී ජයග්‍රාහී ලකුණ වාර්තා කළේය. 

ලකුණු 70ක් රැස් කළ චෙන්නයි කණ්ඩා‍යමේ සුරේෂ් රයිනා තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.

අයි.පී.එල්. තරගාව‍ලියේ තෙවන හා සිව්වැනි ස්ථාන අතර තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඒ කොල්කොටා හා මුම්බායි කණ්ඩායම් අතරයි.

එම තරරගයෙන් ජය ගන්නා දෙවැනි අවසන් පුර්ව තරගය ලෙස බැංගලෝර් කණ්ඩායම සමගින් නැවත තරග වදිනු ඇති.

No comments: