Saturday, May 28, 2011

රුසියාවත් ගඩාෆිට එරෙහිවෙයි

මැයි.28- ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිට එරෙහි බටහිර කඳවුරට තමන් ද එක් වන බව රුසියාව පවසයි.

ප්‍රංශයේ පැවැත්වෙන ජී-8 සමුළුවට සහභාගි වෙමින් රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වඩෙෆ්  මහතා ඒ බව ප්‍රකාශ කළේය.

මුවම්මර් ගඩාෆි ඔහුගේ තනතුර හැර යා යුතු  බවත් ඊට පහසුකම් සැලසීම සඳහා මැදිහත්වීමට තමන් සුදානම් බවත් රුසියානු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

ඔහු පැවසුවේ, ලෝක ප්‍රජාව මේ වන විට ගඩාෆි ලිබියානු නායකයා ලෙස පිළිනොගන්නා බවයි.

රුසියානු ජනාධිපති දිමිත්‍රි ලිබියාවේ තත්ත්වය පිළිබඳ අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සමඟ ද සාකච්ඡා කර ඇතැයි, විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඒ අතර ලිබියානු නායකයා තනතුර හැර යා යුතු බව ජී-8 සමුළුවට එක් වු රාජ්‍ය නායකයින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.

No comments: