Friday, May 27, 2011

විජයග්‍රහණයේ දෙවර්ෂ පූර්ණය අභිමානවත්ව සැමරේ

මැයි.27- රණවිරු දෙවර්ෂ පූර්ණ ජාතික සැමරුම අද පෙරවරුවේ ගාලුමුවදොරදී අභිමානවත් අයුරින් පැවැත්විය.
විජයග්‍රහණයේ  දෙවර්ෂ පූර්ණය අභිමානවත්ව සැමරේඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

දශක 3ක් පුරාවට මෙර‍ට වෙලාගෙන පැවති ත්‍රස්තවාදය අවසන් කර මව්බිම නිදහස් කර ගැනීමේ යුද විජයග්‍රහණයේ දෙවන සංවත්සර සැමරුම් උළෙල ලෙස මෙය හැඳින්විය හැකිය.

ආරක්ෂක ප්‍රධානීන්ගේ පැමිණීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා, කථානායකවරයා හා අග්‍රාමාත්‍යවරයා උත්සවයට පැමිණියේය.

අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබිණි.

ජනාධිපතිතුමා ජාතික ධජය එසවීමෙන් අනතුරුව උත්සව සභාවේ කටයුතු ආරම්භ විය.

දේශය වෙනුවෙන් ජීවිතය පූජා කළ රණවිරුව්න සිහි කෙරුණේ විනාඩියක නිශ්ෂබ්දතාවක් පවත්වමිනි.

එයින් අනතුරුව ජනාධිපති උත්තමාචාර සම්මාන වෙඩි මුර පිරිනැමුණි.

ජනාධිපතිතුමා ජාතිය ඇමතීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර පෙළපාලි ආරම්භ විය.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් ආචාර පෙළපාලියේ ගමන්ගත්තේ රණවිරු විජයග්‍රහණයේ දෙවර්ෂ පූර්ණ ජාතික සැමරුමට මහත් අභිමානයක් එක්කරමිනි.

එයට උතුරු , නැගෙනහිර හා වන්නි යුද පෙරමුණු නියෝජනය කරමින් හමුදා සාමාජිකයින් ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් රෙජිමේන්තුවල නිලධාරීන් ප්‍රථමයෙන් ආචාර පෙළපාලියේ ගමන් ගත්තේය.

ශ්‍රී ලංකා නාවික පෙළපාලියට සහභාගි වෙද්දී ජෙට්ලයිනර් නෞකාව ඇතුළු යාත්‍රාවල උත්තමාචාර පෙළපාලියට මහසයුරේ සිට එක්විය‍‍.

උත්තමාචාර පෙළපාලියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් සහ ගොඩබිමින් එක් වූ අතර අනතුරුව හමුදා සන්නද්ධ රථද පෙළපාලියට එක්විය.

No comments: