Monday, May 23, 2011

ෆොන්සේකා ප්‍රකාශයට සැරසෙද්දී විදුලිය විසන්ධි වෙයි

මැයි.23- කොළඹ මහධිකරණ‍ සංකීර්ණයේ විදුලිය විසන්ධි වීමෙන් සුදුකොඩි සිද්ධියට අදාළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විත්තියේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට බාධා එල්ල විය.

අප අධිකරණ වාර්තාකරු පැවසුවේ, අද පෙරවරු 11.15ට  පමණ සරත් ෆොන්සේකා එම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට සැරසෙනවාත් සමග අධිකරණ සංකීර්ණයේ විදුලිය විසන්ධි වූ බවයි.

මයික්‍රෆෝනයක් ආධාරයෙන් ඔහු එම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. 

පසුව නඩුව විභාග කරන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල අධිකරණයේ දොර ජනෙල් විවෘත කොට ආලෝකය ඇති ස්ථානයකදී සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය ලබාගැනීමට තීරණය කළේය.

ඒ අනුව විනිසුරු ආසනයට ආසන්න ජනේලයක් විවෘත කර සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය ලබාගැනීමට පියවර ගත්තේය.

කෙසේවෙතත් සරත් ෆො‍න්සේකා සිය ප්‍රකාශය ඉදිරිපත්කරමින් සිටියදී යළි අධිකරණ පරිශ්‍රයේ විදුලි බලය යථා තත්ත්වයට පත්විය.

අනතුරුව ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය සැලසුම්කර තිබූ පරිදි මයික්‍රෆෝනයක් ආධාරයෙන් ඉදිරිපත් කෙරුණි.

දීපාලී විජේසුන්දර, ඩබ්ලිව්.ටී.එම්.බී. වරාවැව, ඒ. ඉසෙඩ්. රසීන් යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග වේ.

No comments: