Wednesday, June 1, 2011

වෛද්‍ය නියමයෙන් ගස් බැඳි රෝහල් සේවකයා මරුට

ජුනි.01- රෝහල් භූමිය තුළ ගස් බදින ලදැයි සැලකෙන කිලිනොච්චියේ අක්කරායන්කුලම් රෝහලේ සුළු සේවකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, වෛද්‍යවරයකුගේ උපදෙස් මත  රෝහල් සේවකයින් දෙදෙනකු ඔහු ගස් බැද ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

අසනීප තත්ත්වයක පසු වු මෙම රෝහල් සේවකයාගේ බිරිඳ ඊයේ දහවල් අක්කරායන්කුලම් රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ, පසුව බීමතින් පැමිණ ඇතැයි, කියන මෙම පුද්ගලයා බිරිඳගේ ඇද මත වැතිරීමට උත්සාහ දැරීමේදී වෛද්‍යවරයා ඔහු ඉවත් කර ගස් බදින ලෙස සේවකයින්ට දන්වා ඇති බවයි.

අදාළ පුද්ගලයා පසුව පැය දෙක හමාරකට ආසන්න කාලයක් තිස්සේ රෝහල් භූමියේ කොස්ගසක ගැටගසා තබා ඇත.

පසුව අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල්ගත කිරීමෙන් පසු ඔහු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

ඒ අතර සිද්ධියෙන් අනතුරුව අවට ප්‍රදේශවාසීන්ගේ නොසන්සුන්තාවයක් හට ගැනීම හේතුවෙන් සිද්ධියට මුල් වු වෛද්‍යවරයා හා සුළු සේවකයින් දෙදෙනා කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගිය බව පොලීසිය පැවසීය.

එම සේවකයා ගස්  බැඳ තිබු රැහැන් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

No comments: