Wednesday, June 1, 2011

පොලිස්පති විශ්‍රාමයට සුදානම්

ජුනි.01- පොලිස්පති ආචාර්ය මහින්ද බාලසුරිය ධුරයෙන් විශ්‍රාම යාම සඳහා ජනාධිපතිතුමාගෙන් අද ඉල්ලීමක් කර තිබේ.
පොලිස්පති විශ්‍රාමයට සුදානම්ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර මහතා පැවසුවේ, ලබන 18 වැනිදා සිට විශ්‍රාම ගැනීම සඳහා අදාළ ලිපිය පොලිස්පතිවරයා විසින් ජනාධිපතිතුමාට භාරදෙනු ලැබු බවයි.

මේ සමග ඔහු විශ්‍රාම පුර්ව නිවාඩු ඉල්ලා ඇතැයි ද ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ, කටුනායක නිදහස් වෙළද කලාපයේ පසුගියදා ඇති වු සිදුවීම පාදක කරගෙන පොලිස්පති ආචාර්ය මහින්ද බාලසුරිය මහතා විශ්‍රාම ගැනීමේ ලිපිය භාර දී ඇති බවයි.

ජනාධිපතිතුමා, පොලිස්පතිවරයාගේ ඉල්ලීම පිළිගෙන ඇතැයි, ද ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments: