Tuesday, March 29, 2011

සුර්යා දිවයිනට මුදුන් වෙයි: අව් කණ්ණාඩි පළඳින්නැයි උපදෙස්

මාර්.29- සූර්යා ලබන මාසයේ දී දිවයිනට ඉහළින් ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවැවසීය.

ඒ හේතුවෙන් දැනටමත් සූර්ය රශ්මියේ වැඩි බලපෑම ශ්‍රී ලංකාවට එල්ලවී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පී.බී.සමරසිංහ මහතා පැවසීය.

ඔහු සදහන් කළේ, අප්‍රේල් 5වෙනිදා දිවයිනේ දකුණු ප්‍රදේශයට ඉහළින් සූර්යා ගමන් කරන බවයි.

දැඩි සූර්ය රශ්මියෙන් ආරක්ෂාවීම සදහා අව් කණ්ණාඩි පළඳින ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය සිසිර ලියනගේ මහතා සදහන් කළේය.

No comments: