Tuesday, April 19, 2011

ටයිම් සඟරාවේ මත විමසුමට අනුව ජනපති තවදුරටත් ඉදිරියට

අප්‍රේ.18- ටයිම් සඟරාවේ අන්තර්ජාල මත විමසුමට අනුව ලොව වඩාත්ම බලපෑම් කළ හැකි පුද්ගලයින් අතුරින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියට පැමිණ ති‍බේ.
පසුගියදා 6 වැනි ස්ථානයේ සිටි ජනාධිපතිතුමා මේ වනවිට පසුවන්නේ සිව්වැනි ස්ථානයේය.

ටයිම් සඟරාව අන්තර්ජාලය ඔස්සේ සිදුකරන එම මත විමසුමට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පස්වරුව වනවිට සිව්වැනි ස්ථානය දක්වා පැමිණ

ඇත්තේ ඡන්ද එක්ලක්ෂ තිස් හත්දහස් පන්සිය අසූ අටක් ලබා ගනිමිනි.

එම මත විමසුමට අනුව මහින්ද රාජපක්ෂ  ලොව වඩාත්ම බලපෑම් කළ හැකි පළමු දසදෙනා අතර සිටින එකම දේශපාලඥයා වේ.

එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ කොරියානු පොප් ගායක රේන් පසුවේ.

තායිවාන සංගීතඥ ජේ.චූ. දෙවැනි ස්ථානයට පත්ව සිටී.

කෙසේ වෙතත් ටයිම් සඟරාව ලොව වඩාත්ම බලපෑම් කළ හැකි පුද්ගලයින් සියදෙනා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ අප්‍රේල් 21 වැනිදායින් පසුවය.

No comments: