Wednesday, May 25, 2011

පොලීසියට පහර දුන් 30ක් අත්අඩංගුවට

මැයි.25- කටුනායක ගුවන්තොටුපළ මංසන්ධියේ විරෝධතාවයේ යෙදුණු පුද්ගලයින් 30කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, අත්අඩංගුවට පත් පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් මුදා හැරිමට කටයුතු කරන බවයි.

පිරිස් ප්‍රධාන මාර්ගයෙන් ඉවත්කිරිමට කටයුතු කළ අවස්ථාවේදි ඔවුන් පොලිසියට ගල්මුල්වලින් පහරදුන් පොලීසිය පැවසීය.

එම පහරදිම්වලින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ද එම උසස් පොලිස් නිධාරියා සදහන් කළේය.

ඔහු පැවසුවේ එම පහරදිම්වලින් පොලිස් රථයකට ද හානි සිදුව ඇති බවයි.

ඊයේ දිනයේ දි පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පතට එරෙහිව කටුනායක ගුවන් තොටුපළ මංසන්ධියේ උද්‍ඝෝෂ‍ණයේ යෙදුණු පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය පියවර ගත්තේය.
 

No comments: