Wednesday, May 25, 2011

වත්තල නිවාසයක දැරියන් තිදෙනෙකු අතුරුදන්

මැයි.25- වත්තල නායකන්ද ප්‍රදේශයේ බාලිකා නිවාසයක සිටි 16 හැවිරිදි දැරියන් තිදෙනෙකු අතුරුදන්ව  ඇතැයි, වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, පසුගිය 23වෙනිදා දහවල් 11.30න් පසුව එම දැරියන් අතුරුදන්ව ඇති බවට ‍තමන් වෙත පැමිණිලි ලැබුණු බවයි.

ඒ සම්බන්ධයෙන් බස්නාහිර උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර මහතාගේ උපදෙස් මත වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පරික්ෂණ ආරම්භකරනු ලැබ තිබේ.

පොලීසිය පැවසුවේ, බාලිකා නිවාසයේ වගකිව යුතු අංශ කැඳවා පරික්ෂණ පැවැත්විමට තීරණය කර ඇති බවයි.

No comments: