Thursday, May 26, 2011

ළමා නිවාස දැඩි පරීක්ෂාවට ලක් කෙරේ

මැයි.26- ළමුන්ගේ ආරක්ෂාව නෙතකන ළමා නිවාසවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ළමා හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යාංශය පවසයි.

ළමා නිවාස කිහිපයකින් දරුවන් අතුරුදන් වීම් පිළිබඳ පසුගිය සති කිහිපය තුළ වාර්තා විය.

මෙම අතුරුදන් වීම් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ බව අමාත්‍යාංශය පවසයි.

ඒ අතර ළමුන්ගේ ආරක්ෂාව නොතකන ළමා නිවාසවලට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් දැනටමත් අදාළ අංශ දැනුවත් කර ඇතැයි, වාර්තා වේ.

ළමා නිවාස පළිකාවන්ට නව උපදෙස් මාලාවක් හඳුන්වා දීමට ද නියමිතයි.

රාජ්‍ය හා පෞද්ගලික අංශය යටතේ පාලනය වනළමා නිවාස 500ක් දිවයින පුරා පිහිටා ති‍බේ.

No comments: