Tuesday, June 14, 2011

ගබ්සා මධ්‍යස්ථානයේ හොර දොස්තරට අධ්‍යාපන සුදුසුකම්වත් නැහැ

ජුනි.14- මහනුවර, පේරාදෙණිය මාර්ගයේ පිහිටා තිබූ ගබ්සා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයාට මුලික අධ්‍යාපන සුදුසුකම් හෝ නොතිබූ බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මහනුවර, ත්‍රස්ත වි‍රෝධී ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ඔහු ඉගැනුම ලැබූ බව කියන පාසලෙන් ලබාගත් ‍වාර්තාවෙන් ඒ බව හෙළිවී ඇති බවයි.

ඒ අතර එම ස්ථානයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි, පැවසෙන පිටස්තර පුද්ගලයින් පිරිසකගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබේ.

ඔවුන් එම ස්ථානයෙන් ලබාගත් ප්‍රතිකාර සදහා රුපියල් විසි දහස, තිස් දහස සහ දස දහස, බැගින් මුදල් අය කරගෙන ඇති බවද පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි, පොලීසිය පැවසීය.

 මේ අතර අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් එම ස්ථානයෙන් ප්‍රතිකාර ලබාගෙන අසනීප තත්ත්වයකට පත්වී රෝහල්ගතව සිටි බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ අංශවල අවධානය යොමුවී තිබේ.

ස්කොටිකා ප්‍රින්ස් කොළඹට

ජුනි.14- ඉන්දියාවේ තූත්තුකුඩි වරායේ සිට පැමිණි මගී යාත්‍රාව අද කොළඹ වරායට පැමිණියේය.

වෙළද නැවු අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත වීරකෝන් පැවසුවේ, නෞකාව පිළිගැනීම සඳහා කොළඹ වරායේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ බවයි.

'ස්කොටිකා ප්‍රින්ස් ' නැමැති එම මගී යාත්‍රාව සතියකට දෙවරක් තුත්තුකුඩි වරායේ සිට කොළඹට පැමිණිමට නියමිතයි. 

එක් වරකට එම නෞකාවෙන් යාත්‍රා කළ හැකි මගීන් සංඛ්‍යාව 1044කි.

එක් ගමන් වාරයක් සඳහා පැය 14ක් ගතවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර වෙළෙඳ නැව් අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත වීරකෝන් පැවසුවේ, ඉදිරි මාසය තුළ  ශ්‍රී ලංකාවෙන් තවත් මගී නෞකාවක් ‍එක්කරන බවයි.

සහල් පරිභෝජනය වැළැක්වීමේ කුමන්ත්‍රණයක්

ජුනි.14- සහල් පරිභෝජනය ප්‍රචලිතවීමත් සමග එය කඩාකප්පල් කිරීම සදහා යම් යම් කණ්ඩායම් උත්සාහයක නිරත වන බව ඊයේ පැවති ආහාර සුරක්ෂිතතාව හා ජීවන වියදම් පාලනය පිළිබඳ අමාත්‍ය අනුකාරක කමිටු රැස්වීමේදී හෙළි වී තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම ඊයේ පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීය.

සහල්වල ආසනික් ඇද්දැයි කළ පරික්ෂණයේ ප්‍රතිඵල පිළිබදව එම අමාත්‍ය අනුකාරක කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක් වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ සහල් නියැදි 60ක් ගෙන කළ පරික්ෂණයකදී කිසිදු නියැදියක ආසනික් අඩංගු නොවු බවට තහවුරු වී ඇතැයි වී පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂවරයා එහිදී ප්‍රකාශ කළ බවයි.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා එහිදී පළිබෝධනාශක 28 ක් සම්බන්ධයෙන් කළ පරික්ෂණයේ ප්‍රතිඵල පිළිබදව දැනුවත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එම පරික්ෂණ ප්‍රතිඵල පිළිබදව ජනතාව දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන් බවයි.

මේ අතර ලෝක මුල්‍ය අර්බුදය හමුවේ කිරිපිටි, සීනි, පරිප්පු, ලොකු ළුණු සහ තිරිගුපිටි වැනි ආනයනික ද්‍රව්‍ය තොග පවත්වා ගැනීමේ අවශ්‍යතාව එම සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.

Monday, June 13, 2011

ඩේමියන්ගේ නව නිවස

සත් වසරකට පසු කැන්ගරුවන් ලංකාවට

ජුනි.13- වසර 7කට පසු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට‍ නියමිතය.
සත් වසරකට පසු කැන්ගරුවන් ලංකාවටතරගාවලිය අගෝස්තු 06වෙනිදා සිට සැප්තැම්බර් 16වැනිදා දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පන්දුවාර 20යි 20 තරඟාවලියක්, එක්දින තරඟාවලියක් සහ ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව පන්දුවාර 20යි 20 තරග 2ක්, එක්දින තරග 5ක් සහ ටෙස්ට් තරග 3ක් පැවැත්වේ.

තරග කාලසටහන මෙසේය. 
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය

දිනය
තරගය
ක්‍රීඩාංගණය
06/08/2011
1වන පන්දුවාර 20/20 තරගය
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
08/08/2011
2වන පන්දුවාර 20/20 තරගය
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය



10/08/2011
1වන එක්දින තරගය
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
14/08/2011
වන එක්දින තරගය
මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
16/08/2011
වන එක්දින තරගය
මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
20/08/2011
වන එක්දින තරගය
ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
22/08/2011
වන එක්දින තරගය
ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය



25/08/2011
තුන්දින පුහුණු තරගය
පී.සරවණමුත්තු ක්‍රීඩාංගණය



31/08/2011
1වන ටෙස්ට් තරගය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
08/09/2011
2වන ටෙස්ට් තරගය
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
16/09/2011
3වන ටෙස්ට් තරගය
එස්.එස්.සීජාත්‍යන්තර ක්‍රීඩාංගණය

Wednesday, June 8, 2011

දූෂිත දේශපානඥයෝ සතුටු කරන්න ගිහිල්ලා පොලිස්පති දංගෙඩියට ඔළුව තිබ්බා

සිය පාර්ලිමේන්තු අසුන අහිමි කිරීමට එරෙහිව ෆොන්සේකා ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණයේදී විභාගයට ගැනිණ.

නඩු විභාගය නිරීක්ෂණය සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් කමිටුවේ නීතිවේදී මාර්ක් ට්‍රොවල් මහතා ද පැමිණ සිටියේය.

එහෙත් අදට යෙදී තිබු නඩු විභාගය කල් දැමීමට අභියාචනාධිකරණයට සිදුවිය.

නඩුව කැඳ වු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොල්ස්ටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අත්‍යාවශ්‍ය පෞද්ගලික කටයුත්තක් සඳහා නඩු විභාගය කල් දමන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීම ඊට හේතු විය.

ඒ අනුව නඩුව ජුනි 29 වෙනිදා යළි කැඳවිමට අභියාචනාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය.

අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේ‍ ෆොන්සේකා මහතා මෙසේ අදහස් පළ කළේය.

"පොලිස්පතතුමා දූෂිත දේශපානඥයෝ සතුටු කරනන් ගිහිල්ල දංගෙඩියට ඔළුව තිව්වා. ත්‍රිවිධ හමුදාවේ අයවලුන්ට මම කියන්නෙ දූෂිත දේශපානඥයෝ ජෙනරාල්ලා ආරක්ෂා කරන්න ගිහිල්ල නිල ඇඳුමෙ ගෞරවය පාවාදෙන්න එපා"

අනතුරකින් මව සහ බිළිඳා මරුට

ජුනි.08- මහියංගණය දෙහිගම ප්‍රදේශයේ සිදුවු  මාර්ග අනතුරකින් මවක හා බිළිඳෙකු මියගොස් තිබේ.

පොලීසිය  සඳහන් කළේ,‍ ඊයේ පස්වරුවේ ඔවුන්  යතුරුපැදියක ගැටි ඇති බවයි.

විසිනව හැවිරිදි කාන්තාවක සහ ඇගේ අවුරුදු එක හමාරක් වයසැති බිළිඳා අනතුරින් මියගොස්  ඇත.

යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයින් දෙදනා ද අනතුරින් බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
 

කටුනායක පොලීසිය අලුත් වෙලා

ජුනි.08- කටුනායක පොලිසියේ සියලුම නිලධාරින් ස්ථාන මාරුකර යැවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, කටුනායක ‍නිදහස් වෙළඳ කලාපයේ පසුගියදා ඇති වු ගැටුමට සම්බන්ධ පරික්ෂණවල පහසුව සඳහා මෙම පියවර ගත් බවයි.

කටුනායක පොලීසියට අනුයුක්තව සේවය කළ ‍නිලධාරින් සංඛ්‍යාව 80කි.

මෙම නිලධාරින් ගම්පහ සහ පෑලියගොඩ පොලිස්ථානවලට තාවකාලිකව අනුයුක්ත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පෑලියගොඩ සහ ගම්පහ පොලිස්ථානවල සිටි නිලධාරින් කටුනායක පොලීසියට අනුයුක්ත කිරිමට පියවර ගෙන ඇති බවයි.

හමුදාවේ 33කට විශිෂ්ට සේවා විභූෂණ සම්මාන

ජුනි.08- ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරිහු 33දෙනෙක් ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විශිෂ්ට සේවා විභූෂණ සම්මාන ලැබුහ.

විශිෂ්ට සේවා විභූෂණ සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.

මැති ඇමතිවරු, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නිධාරිහු පිරිසක් සම්මාන ප්‍රදානෝත්සවයට එක්ව සිටියහ.

විසිපස් වසරක අඛණ්ඩ සේවයක් සහ මනා පෞද්ගලික පැවැත්මක් සහිත ත්‍රිවිධ හමුදාවේ හා නිත්‍ය බලසේවාවල උදාර සේවයක් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට මෙම සම්මාන පිරිනැමිණි.

යුධ හමුදාපති ලුතිනන් ‍ජනරාල් ජගත් ජයසුරිය මහතා ඇතුළු යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 12 දෙනෙකුට මෙහිදී සම්මාන පිරිනැමිණ.

රියර් අද්මිරාල් එන්.ඊ.එල්.ඩබ්ලිව්. ජයසේකර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් 13 දෙනෙකුට නාවික හමුදාව වෙනුවෙන් සම්මාන පිරිනැමිණ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 8 දෙනෙකුට ද විශිෂ්ට සේවා විභූෂණ සම්මාන පිරිනැමිණ.

තරගයේ වීරයා ඩිල්ෂාන්

ජුනි.08- සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තටය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රකට් තරගය ඊයේ ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ලෝඩ්ස්  ක්‍රිඩාංගණයේ පැවති එම  තරගයේ වීරයා සම්මානය  ටි.එම්. ඩිල්ෂාන්ට හිමි විය.

පළමු ඉණිම සදහා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 486ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම සදහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 479කි.

එහිදි සටන්කාමී ඉණිමක් ක්‍රීඩා කළ ටි.එම්. ඩිල්ෂාන් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී  පිතිකරුවෙකු එක් ඉණිමකදී  රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.

ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 193කි.

මේ අතර විටින් විට තරගයට බාධා එල්ල විය.

එංගලන්තය සිය දෙවන ඉණිම සඳහා කඩුළු 7ක් දැවී ලකුණු 343ක් රැස් කළේය.

ශ්‍රී ලංකා නායක ටී.එම්. ඩිල්ෂාන්ගේ දකුණත් මාපට ඇගිල්ලේ ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කිරීමට ඊයේ පිටියට පිවිසියේ නැහැ.

ඒ අනුව ඉණිම ආරම්භ කරමින් කුමාර් සංගක්කාර සහ තරංග පරණවිතාන පිටියට පිවිසියහ.

දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායමඉ කඩුළු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 127කි.

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්තය ජය ගත්තේය.
තෙවන ටෙස්ට් තරගය ලබන 16වෙනිදා ආරම්භ වීමට නියමිතයි.

Sunday, June 5, 2011

විශ්‍රාම වැටුපක් නිසා දිවි පිදු රොෂේන් දැයෙන් සමුගනී

ජුනි.04- කටුනායක නිදහස් වෙළද කලාපයේ ඇති වු ගැටුමෙන් මිය ගිය රොෂේන් චානක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරිණි.
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය අනුව ගල්ලොලුව රෝමානු කතෝලික දේවස්ථානයේ පිහිටි සුසාන භූමියේ දේහය මිහිදන් කරනු ලැබිණ.

රොෂේන් චානක මහතාගේ දේහය අද පෙවරුව වන තුරු මිනුවන්ගොඩ ගල්ලොලුවේ පිහිටි නිවසේ තැන්පත් කර තිබුණි.

විශාල පිරිසක් එහි පැමිණ ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වුහ.

ඒ අතර අද දිනයේද රොෂේන්ගේ දේහය තැන්පත් කර තිබු නිවස හා ඒ අවට ප්‍රදේශයට දැඩි හමුදා ආරක්ෂාවක් යොදවා තිබුණි.

අවසන් කටයුතු සඳහා රොෂේන්ගේ දේහය මීසම භාර පියතුමා නියමකරන වේලාවක දේහය නිවසින් පිටතට ගතයුතු බව මිනුවන්ගොඩ මහේසත්‍රාත් කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති මහත්මිය පසුගිය බ්‍රහ්ස්පතින්දා නියෝග කළාය.

ඒ අනුව අද  පෙරවරු 9.30ට පමණ නිවසට පැමිණි යටියන මීසම භාර ක්‍රිස්ටෝපර් මදුරාවල පියතුමන් දේහය ගල්ලොලුව රොමානු කතෝලික දේවස්ථානයට රැගෙන යාමට  පියවර ගත්තේය.

මීට මාස 4කට පමණ පෙර කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවයට ගිය රොෂේන් චානක මිය යන විට 22හැවිරිදි වියේ පසු විය.

රොෂේන් ළමුන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වැන්නා වේ.

ඔහු කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක යන්ත්‍ර ක්‍රියාකරුවකු  ලෙස සේවය කරමින් සිටියේය.

ඩිල්ෂාන්ට ද්විත්ව ශතකය අහිමි වෙයි

ජුනි.05- එංගලන්ත, ලෝඩ්ස් පිටියේදි ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට තිබූ මහඟු අවස්ථාව ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන්ට අහිමි විය.
ඩිල්ෂාන්ට ද්විත්ව ශතකය අහිමි වෙයිඒ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදි ලකුණු 193කට දැවීයාමත් සමගිනි.

එය ඩිල්ෂාන් සිය ටෙස්ට් දිවියේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද වේ.

පන්දු 253කදී ලබාගත් එම ලකුණු 193ට හතරේ පහර 20 ක් හා හයේ පහර 2ක් ඇතුලත් විය.

ශ්‍රී ලංකාව මේ වනවිට සිය ප්‍රථම ඉණිම ක්‍රීඩා කරමින් සිටී

යුද්දෙන් පසු ජනතාව වෙනුවෙන් ආණ්ඩුව කළ වැඩ ගැන වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි - ස්වාමිනාදන්

ජුනි.05- යුද ජයග්‍රහණයෙන් පසු උතුරේ නැවත පදිංචි කිරිම, නිවාස තනාදීම, සහන සැපයීම ඇතුළුව රජය ජනතාව වෙනුවෙන් කළ වැඩ කටයුතු සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.එම්.ස්වාමිනාදන් මහතා පවසයි.
යුද්දෙන් පසු ජනතාව වෙනුවෙන් ආණ්ඩුව කළ වැඩ ගැන වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි - ස්වාමිනාදන්ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ උතුරේ ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ රජය බව පුන පුනා පැවසුවත් මෙතෙක් ඒ සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවය.

යුද බිමේ ජීවත් වූ ජනතාවගේ මනස ගොඩනගා ඔවුන්ට නිසි අනාගතයක් උදා කරදීම රජයේ මෙන්ම දේශපාලඥයින් සියලුදෙනාගේ වගකීම බවද ඩී.එම්.ස්වාමිනාදන් මහතා පවසයි.

ඔවුන්ගේ සිතුවිලි හඳුනාගෙන සැබෑ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු වුවත් වර්තමානයේ රජය එය කොපමණ ප්‍රමාණයකින් ඉටු කරනවාද යන්න පිළිබඳව ගැටලු රැසක් ඇති බවද ඔහු පෙන්වා දෙන්නේය.

ස්වාමිනාදන් මහතා පවසන්නේ උතුරු නැගෙනහිර අර්බුදයට දේශපාලන විසඳුමක් ඇති කර ගැනීම සඳහා වසර 50ක් පුරා වරින් වර බලයට පත් වූ ආණ්ඩු විවිධ  ගිවිසුම් ඇති කර ගත්තත් සියලු ජනකොටස්වලට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදීමට නොහැකි වී ඇති බවය.

සිරිමා - ශාස්ත්‍රී, බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම් ඊට නිදසුන් ලෙස ඔහු දක්වා තිබේ.

යුද්ධය අවසන්වීමෙන් පසු උදා වූ මෙම යුගය, දේශපාලන විසඳුමක් සඳහා හොදම අවස්ථාව බවත් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර සෑම ජන කොටසකටම පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඇති කර ගැනීමට රජය නායකත්වය ගතයුතු කාලය එළඹ ඇති බවත් ස්වාමිනාදන් මහතාගේ නිවේදනයේ සඳහන් වේ.

Friday, June 3, 2011

රග්බි ක්‍රීඩකයින් 3කට ජාත්‍යන්තර තරග තහනමක්

ජුනි.03- තහනම් ඖෂධ ලබා ගැනීමේ චෝදනා මත ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනකුට තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික රග්බි සංගමය තීරණය කර තිබේ.ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලේකම් ලසිත ගුණරත්න මහතා පැවසුවේ, ඊට අදාළ නිල නිවේදනය අද තම සංගමය වෙත ලැබුණු බවයි.

ආසියානු ෆයිව් නේෂන්ස් රග්බි තරගාවලියේදී සිදු කළ පරීක්ෂණවලින් මෙම ක්‍රීඩකයින් තිදෙනා තහනම් ඖෂධ ලබා ගෙන ඇති බවට කරුණු තහවුරු කරගෙන තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාත්‍රි 7.00 සිරස ටීවි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

ඩෙංගු බෝ කළ නියෝජ්‍ය විදුහල්පතිට දඩ

ජුනි.03- ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් පාසල් භූමිය පවත්වාගෙන ගිය බවට අධිකරණය හමුවේ වරදකරු වු නියෝජ්‍ය විදුහල්පතිවරයකුට රජයේ ගාස්තු ගෙවන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඩෙංගු බෝ කළ නියෝජ්‍ය විදුහල්පතිට දඩඒ සැකකරු අද අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

අනුරාධපුර මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරන ලද වැටලීමකින් අනතුරුව ඒ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක්

ජුනි.03- විශ්වවිද්‍යාල සිසුන් හා කම්කරුවන් මර්දනය කිරීමට ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙතට එරෙහිව භික්ෂුන් වහන්සේ පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති.
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක්අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් එය සංවිධානය කරනු ලැබ තිබේ.

භික්ෂුන්වහන්සේ කොළඹ විහාර මහා දේවි උද්‍යානය ආසන්නයේ සිට විරෝධතා පා ගමනකින් අරලියගහ මන්දියට ඉදිරිපිටට වැඩම කළ බව අප වාර්තාකරු පවසයි

Wednesday, June 1, 2011

පොලිස්පති විශ්‍රාමයට සුදානම්

ජුනි.01- පොලිස්පති ආචාර්ය මහින්ද බාලසුරිය ධුරයෙන් විශ්‍රාම යාම සඳහා ජනාධිපතිතුමාගෙන් අද ඉල්ලීමක් කර තිබේ.
පොලිස්පති විශ්‍රාමයට සුදානම්ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර මහතා පැවසුවේ, ලබන 18 වැනිදා සිට විශ්‍රාම ගැනීම සඳහා අදාළ ලිපිය පොලිස්පතිවරයා විසින් ජනාධිපතිතුමාට භාරදෙනු ලැබු බවයි.

මේ සමග ඔහු විශ්‍රාම පුර්ව නිවාඩු ඉල්ලා ඇතැයි ද ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ, කටුනායක නිදහස් වෙළද කලාපයේ පසුගියදා ඇති වු සිදුවීම පාදක කරගෙන පොලිස්පති ආචාර්ය මහින්ද බාලසුරිය මහතා විශ්‍රාම ගැනීමේ ලිපිය භාර දී ඇති බවයි.

ජනාධිපතිතුමා, පොලිස්පතිවරයාගේ ඉල්ලීම පිළිගෙන ඇතැයි, ද ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වෛද්‍ය නියමයෙන් ගස් බැඳි රෝහල් සේවකයා මරුට

ජුනි.01- රෝහල් භූමිය තුළ ගස් බදින ලදැයි සැලකෙන කිලිනොච්චියේ අක්කරායන්කුලම් රෝහලේ සුළු සේවකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, වෛද්‍යවරයකුගේ උපදෙස් මත  රෝහල් සේවකයින් දෙදෙනකු ඔහු ගස් බැද ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

අසනීප තත්ත්වයක පසු වු මෙම රෝහල් සේවකයාගේ බිරිඳ ඊයේ දහවල් අක්කරායන්කුලම් රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ, පසුව බීමතින් පැමිණ ඇතැයි, කියන මෙම පුද්ගලයා බිරිඳගේ ඇද මත වැතිරීමට උත්සාහ දැරීමේදී වෛද්‍යවරයා ඔහු ඉවත් කර ගස් බදින ලෙස සේවකයින්ට දන්වා ඇති බවයි.

අදාළ පුද්ගලයා පසුව පැය දෙක හමාරකට ආසන්න කාලයක් තිස්සේ රෝහල් භූමියේ කොස්ගසක ගැටගසා තබා ඇත.

පසුව අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල්ගත කිරීමෙන් පසු ඔහු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

ඒ අතර සිද්ධියෙන් අනතුරුව අවට ප්‍රදේශවාසීන්ගේ නොසන්සුන්තාවයක් හට ගැනීම හේතුවෙන් සිද්ධියට මුල් වු වෛද්‍යවරයා හා සුළු සේවකයින් දෙදෙනා කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගිය බව පොලීසිය පැවසීය.

එම සේවකයා ගස්  බැඳ තිබු රැහැන් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Monday, May 30, 2011

කටුනායක ගැටුමෙන් පොලීසියේ 15කට තුවාල

මැයි.30- කටුනායක වෙළද කලාප සේවකයින් ආරම්භකර තිබූ විරෝධතාවය පාලනයට ගත් උත්සහයේදී ඇති වූ ගැටුමේ දී පොලිස් නිලධාරීන් 15 දෙනෙ‍කු පමණ තුවාල ලබා ඇති බව වාර්තාවේ.

යෝජිත පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පතට එරෙහිව අදාළ විරෝධතාව පැවැත්විය.

අද දහවල් එකට පමන කටුනායක ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය මැඩ පැවැත්වීමට කඳුලු ගෑස් භාවිත කිරීමට සිදුවූ බව පොලීසිය ප්‍රකාශ කළේය.

වෙළඳ කලාප සේවකයින් විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් ඉවතට

මැයි.30- නිදහස් වෙළඳ කලාප සේවකයින් නව පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක කර නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි, රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවසයි.

එහි දැක්වෙන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයේ හා ඒ ආශ්‍රිත රැකියාවල නිරත සේවකයින් ‍යෝජිත පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක කර නොගන්නා බව කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළ බවයි.

ඒ අතර යෝජිත විශ්‍රාම පනත් කෙටුම්පතට එරෙහිව කටුනායක ප්‍රදේශයේදී වෙළඳ කලාප සේවකයෝ අද දහවල් විරෝධතාවක නිරත වුහ.

එය පාලනය කිරීමට ගත් උත්සහයේදී පොලිස් නිලධාරීන් 15කු පමණ තුවාල ලැබීය.

පොලීසිය පැවසුවේ, විරෝධතාකරුවන් පාලනය කිරීමට කඳුළු ගෑස් භාවිත කිරීමට ද සිදුවූ බවයි.

Saturday, May 28, 2011

රුසියාවත් ගඩාෆිට එරෙහිවෙයි

මැයි.28- ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිට එරෙහි බටහිර කඳවුරට තමන් ද එක් වන බව රුසියාව පවසයි.

ප්‍රංශයේ පැවැත්වෙන ජී-8 සමුළුවට සහභාගි වෙමින් රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වඩෙෆ්  මහතා ඒ බව ප්‍රකාශ කළේය.

මුවම්මර් ගඩාෆි ඔහුගේ තනතුර හැර යා යුතු  බවත් ඊට පහසුකම් සැලසීම සඳහා මැදිහත්වීමට තමන් සුදානම් බවත් රුසියානු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

ඔහු පැවසුවේ, ලෝක ප්‍රජාව මේ වන විට ගඩාෆි ලිබියානු නායකයා ලෙස පිළිනොගන්නා බවයි.

රුසියානු ජනාධිපති දිමිත්‍රි ලිබියාවේ තත්ත්වය පිළිබඳ අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සමඟ ද සාකච්ඡා කර ඇතැයි, විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඒ අතර ලිබියානු නායකයා තනතුර හැර යා යුතු බව ජී-8 සමුළුවට එක් වු රාජ්‍ය නායකයින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.

Friday, May 27, 2011

විජයග්‍රහණයේ දෙවර්ෂ පූර්ණය අභිමානවත්ව සැමරේ

මැයි.27- රණවිරු දෙවර්ෂ පූර්ණ ජාතික සැමරුම අද පෙරවරුවේ ගාලුමුවදොරදී අභිමානවත් අයුරින් පැවැත්විය.
විජයග්‍රහණයේ  දෙවර්ෂ පූර්ණය අභිමානවත්ව සැමරේඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

දශක 3ක් පුරාවට මෙර‍ට වෙලාගෙන පැවති ත්‍රස්තවාදය අවසන් කර මව්බිම නිදහස් කර ගැනීමේ යුද විජයග්‍රහණයේ දෙවන සංවත්සර සැමරුම් උළෙල ලෙස මෙය හැඳින්විය හැකිය.

ආරක්ෂක ප්‍රධානීන්ගේ පැමිණීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා, කථානායකවරයා හා අග්‍රාමාත්‍යවරයා උත්සවයට පැමිණියේය.

අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබිණි.

ජනාධිපතිතුමා ජාතික ධජය එසවීමෙන් අනතුරුව උත්සව සභාවේ කටයුතු ආරම්භ විය.

දේශය වෙනුවෙන් ජීවිතය පූජා කළ රණවිරුව්න සිහි කෙරුණේ විනාඩියක නිශ්ෂබ්දතාවක් පවත්වමිනි.

එයින් අනතුරුව ජනාධිපති උත්තමාචාර සම්මාන වෙඩි මුර පිරිනැමුණි.

ජනාධිපතිතුමා ජාතිය ඇමතීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර පෙළපාලි ආරම්භ විය.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් ආචාර පෙළපාලියේ ගමන්ගත්තේ රණවිරු විජයග්‍රහණයේ දෙවර්ෂ පූර්ණ ජාතික සැමරුමට මහත් අභිමානයක් එක්කරමිනි.

එයට උතුරු , නැගෙනහිර හා වන්නි යුද පෙරමුණු නියෝජනය කරමින් හමුදා සාමාජිකයින් ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් රෙජිමේන්තුවල නිලධාරීන් ප්‍රථමයෙන් ආචාර පෙළපාලියේ ගමන් ගත්තේය.

ශ්‍රී ලංකා නාවික පෙළපාලියට සහභාගි වෙද්දී ජෙට්ලයිනර් නෞකාව ඇතුළු යාත්‍රාවල උත්තමාචාර පෙළපාලියට මහසයුරේ සිට එක්විය‍‍.

උත්තමාචාර පෙළපාලියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් සහ ගොඩබිමින් එක් වූ අතර අනතුරුව හමුදා සන්නද්ධ රථද පෙළපාලියට එක්විය.

සරසවි කඩඉම් ලකුණු අද නිකුත් කෙරේ

මැයි.27- 2010/2011 අධ්‍යයන  වර්ෂය සදහා විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරාගැනිමේ කඩඉම් ලකුණු අද නිකුත් කරන බව  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
සරසවි කඩඉම් ලකුණු අද නිකුත් කෙරේඑහි සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා සදහන් ක‍ළේ මෙවර සිසුන් 22,500 ක් විශ්වවිද්‍යාල සඳහා බදවා ගන්නා බවය.

කෑගල්ලේ නිවසකට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මව සහ දියණිය මරුට

මැයි.27- කෑගල්ල, බල්ලපාන, දම්වල ප්‍රදේශයේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මවක සහ දියණියක මියගොස් තිබේ.
කෑගල්ලේ නිවසකට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මව සහ දියණිය මරුටකෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතා සදහන් කළේ අද අලුයම 2ට පමණ සිදුවු මෙම අනතුරින් මියගොස් ඇත්තේ 45 හැවිරිදි මවක සහ 17 හැවිරිදි දියණියක බවය.

අද අලුයම 2 ට පමණ සිදුවී ඇති මෙම අනතුර දැනගත් විගස පොලිසිය බැකෝ යන්ත්‍ර යොදා එහි පස් තට්ටු ඉවත් කිරිම සිදුකර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ඖෂධ වේදිනියක් සහ කෑගල්ල ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

මියගිය දෙදෙනාගේ මළසිරුරු කෑගල්ල රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇති අතර ඒ පිළිබද පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු පැවැත්වීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

නායක ඩිල්ෂාන් ලකුණු 4,000 පසු කරයි

මැයි.27- ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් සිය ‍ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 4,000 සීමාව පසු කිරිමට ඊයේ සමත් විය.
නායක ඩිල්ෂාන් ලකුණු 4,000 පසු කරයිඒ එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයේදි ලකුණු 50ක් ලබා ගනිමිනි.

මේ වනවිට ටෙස්ට් තරග 67ක් ක්‍රීඩා කර සිටින ඩිල්ෂාන් ලකුණු 4,040ක් ලබා සිටී

ටෙස්ට් ශතක 11ක් හා  අර්ධ ශතක 17ක් ලබාගෙන සිටින ඔහු ඉණිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 168කි.

ඩිල්ෂාන් 1999 නොවැම්බර් 18වෙනි දින මෙරට 79වැනි ටෙස්ට් ක්‍රීඩකයා වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බුලවායෝහිදී ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.